Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාව නැවත සේවයේ පිහිටුවීම රටේ නීතිය අවභාවිතා කිරීමක් බවත්, රටේ ව්‍යවස්ථාවට ඉහළින් විධායකය හැසිරෙන බවත්, එය නොවිය යුතු ක්‍රියාවක් බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පැවැසීය.
ජනාධිපතිවරයාගේ මෙවැනි ක්‍රියාවලින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය තව තවත් කල්යෑමට ඉඩ ඇති බවත්, ව්‍යවස්ථාදායක සභාවට විධායකය ඇඟිලි ගැසීම දිගින් දිගටම සිදුකළහොත්, පැවැති අරගලයට වඩා විශාල අරගයක් ඇතිවීමට ඉඩ ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී ජනමාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මෙසේද පැවැසීය.
“ප්රශ්නය – ව්‍යවස්ථාදායක සභාව පොලිස්පතිව ඉවත් කරනවා. නමුත් ජනාධිපති පොලිස්පතිවරයාව නැවත සේවයේ පිහිටුවනවා. ඇත්තටම ව්‍යවස්ථාදායක සභාවෙන් වැඩක් තියෙනවද?
පිළිතුර – රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ හිටපු කාලයේ කියපු දේවල් නෙවෙයි දැන් ආණ්ඩුවේ ඉද්දි කියන්නෙ. එතුමා අගමැතිවෙලා ඉන්න කාලයේ තමයි ස්වාධීන කොමිසන් සභා ඇතිකරන්න තින්දු තීරණ ගත්තේ. රටේ ස්වාධීන කොමිසන් සභාවලට වඩා ඉහළින් විධායකය ඉන්නවා. රනිල් වික්‍රමසිංහට විධායක බලයක් නෑ. ජනතාව නෙවෙයි රනිල් වික්‍රමසිංහ පත්කළේ, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු. විධායක බලය ගන්න ජනතා පරමාධිපත්‍ය තියෙන්න ඕන. රනිල් වික්‍රමසිංහ රටේ ස්වාධීන කොමිසන් සභා ගණන් ගන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ මේ කරන්නේ රටේ නීතිය අවභාවිතා කිරීමක්. රටේ ව්‍යවස්ථාවට ඉහළින් විධායකය හැසිරෙනවා. ව්‍යවස්ථාවට ඉහළින් විධායකයට හැසිරෙන්න බෑ. රටේ ඉන්නේ නිර්වින්දය වුණ ජනාධිපතිවරයෙක්, ජනාධිපතිවරයාගේ ක්‍රියාවලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරිකය තව තවත් කල් යන්න පුලුවන්. ව්‍යවස්ථාදායක සභාවට විධායක ඇඟිලි ගැසීම දිගින් දිගටම සිදුකළොත් තිබුණ අරගලයට වඩා වැඩි අරගයක් එන්න පුළුවන්.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart