Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අභාවප්‍රාප්ත ප්‍රවීණ චිත්‍රපට නළු ගාමිණී ෆොන්සේකා 1990 දශකයේ අග භාගයේදී රාජ්‍ය බැංකුවකින් රුපියල් මිලියන 300 ක අලාභයක් ඉල්ලා ගොනුකළ අපහාස නඩුවක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ඔහුට එරෙහිව තීන්දුවක් ලබාදී තිබේ.
රාවය පුවත්පත් කර්තෘවරයාට නීතිවිරෝධී ලෙස බැංකු ණය තොරතුරු හෙළිකළ බවට චෝදනා කරමින් රුපියල් මිලියන 300ක් පොළී සහිතව ඉල්ලා මහජන බැංකුවට සහ බැංකු කළමණාකරුවකුට එරෙහිව, ගාමිණී ෆොන්සේකාහම්බන්තොට දිසා අධිකරණයේ අපහාස නඩුවක් ගොනුකර තිබේ.
ගෙවීමක් සිදු කර තිබියදී, තමා බැංකුවකට ගෙවිය යුතු රුපියල් මිලියන 2.5ක මුදලක් ගෙවීම පැහැර හැර ඇති බවට රාවය පුවත්පත ලිපියක් පළකර තිබූ බවට හෙතෙම චෝදනා කළේය.
දිවංගත ගාමිණී ෆොන්සේකා සැනසුම නිවාඩු නිකේතනයේ සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ ලෙස කටයුතු කර ඇති අතර, මහජන බැංකුවේ තිස්සමහාරාම ශාඛාවේ බැංකු ගිණුම් තුනක් පවත්වාගෙන ගොස් ඇත.
සනසුම හොලිඩේ රිසෝට්ස් (ලිමිටඩ්) විසින් මෙම බැංකු ගිණුම්වලින් ණය පහසුකම් සහ අයිරා පහසුකම් ලබාගෙන තිබේ.
1983 ජූලි කෝලාහලයෙන් ව්‍යාපාරයට අහිතකර ලෙස බලපෑ අතර, 1989 දී හෝටලය ගින්නෙන් විනාශවී ඇත.
ඉහත තත්ත්වය නිසා ණය වාරික සහ පොළී නිවැරදි වෙලාවට ගෙවීමට නොහැකි බව ගාමිණී ෆොන්සේකා පවසා තිබේ.
බැංකුව සහ සමාගම අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව එම ගැටලුව සමථයකට පත්ව ඇති අතර, එම සමාගම වෙනුවෙන් ගාමිණී ෆොන්සේකා එම මුදල සම්පූර්ණ ලෙස තිස්සමහාරාම බැංකු ශාඛාවට ගෙවා ඇත.
පුවත්පත් ලිපිය විකෘති, අසත්‍ය, අපහාසාත්මක සහ ද්වේෂසහගත එකක් බවත්, එය තිස්සමහාරාම ශාඛාවේ බැංකු නිලධාරියාගේ හැසිරීමේ ප්‍රතිඵලයක් ලෙස තම කීර්ති නාමයට හා ගෞරවයට හානියක් සිදුවී ඇති බවත්, පවසා ඇති ගාමිණී ෆොන්සේකා ඒ සම්බන්ධයෙන් රුපියල් මිලියන 300ක වන්දියක් ඉල්ලා තිබිණි.
ඒ අනුව, 1999 දෙසැම්බර් 13 වැනි දින හම්බන්තොට දිසා අධිකරණය විසින් ඔහුට පක්ෂව තීන්දුවක් ලබාදී තිබිණි.
පසුව මහජන බැංකුව විසින් ගොනු කරන ලද අභියාචනය විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබාදී ඇත.
බැංකු ණය තොරතුරු අදාළ බැංකු නිලධාරියා රාවය පුවත්පතට ලබාදී ඇති බවට චෝදනා එල්ලවිය.
රාවය පුවත්පතේ කර්තෘවරයා එම තොරතුරු ලබාදුන් පුද්ගලයාගේ නම හෙළි නොකළත් බැංකු ලිපිගොනුවලින් තොරතුරු ලබාගත් බව පිළිගෙන තිබිණි.
අභියාචනාධිකරණය තීරණය කළේ, නිලධාරියා විසින් කරන ලද ක්‍රියා ඔහුගේ සේවා විෂය පථයට අයත් නොවන බවයි. “එය පැහැදිලිවම ඔහුගේ රැකියාවේ විෂය පථයට පිටින්ය. එම නිසා බැංකු නිලධාරියා විසින් සිදුකරන ලද ක්‍රියා සම්බන්ධයෙන් මහජන බැංකුව වගකීම් දරන්නේ නැත” යැයි අභියාචනාධිකරණය ප්‍රකාශ කර ඇත.
ගාමිණී ෆොන්සේකා අභාවප්‍රාප්ත වී මේ වන විට වසර 19ක් ගතවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart