Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෙර පාසලේදී සහ ප්‍රාථමික අංශයේදී හැකිතාක් දුරට ඉගෙනීමට බලකෙරෙන මෙරට අධ්‍යාපන ක්‍රමය යුනෙස්කෝ ප්‍රමිතීන්ට අනුකූලව වයසට ගැළපෙන ඉගෙනුම් ක්‍රියාවලියකට වෙනස් විය යුතු බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වාදීමට මූලික වූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නගරයන්ගේ ජන්ම සංවත්සරය වෙනුවෙන් පැවැති උත්සවයකදී ප්‍රේමජයන්ත ඇමැතිවරයා පාසල් අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව අවධාරණය කළේය.
“ළමයින්ට සියලුම අකුරු සහ ඉලක්කම්ඒ වගේම ඉගෙනීමට ඇති සෑම දෙයක්ම වයස අවුරුදු තුන හතරේදී උගන්වනවා. මෙය වැරදියි,අධ්‍යාපනයේ මූලික කරුණු තිබෙනවා. යුනෙස්කෝව ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය සඳහා ප්රමිතීන් වර්ගීකරණය කර තිබෙනවා” යැයි ඇමතිවරයා පැවැසීය.
ඔහු කියාසිටියේ පළමුව දරුවන්ගේ නිශ්චිත මට්ටමේ නිපුණතා අපේක්ෂා කරන අතර ඉන්පසුව ගුරුවරුන්ට දරුවන්ගේ කුසලතා ඇති කිරීම සඳහා ඉදිරියට යා හැකි බවය.
මෙරට මව්පියන්ට අවශ්‍ය වන්නේ තම දරුවන් හැකිතාක් ඉක්මණින් ඉගෙන ගැනීමට බවත්, එය විශ්ව ප්‍රමිතීන්ට අනුකූල නොවන බවත් ඇමැතිවරයා පැවසීය.
“මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. මෙම වෙනස දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කර තිබුණත් එය වුණේ නැහැ. එය ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නැත්නම් අපිට ඉදිරියට යන්න බැහැ.“යනුවෙන්ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානයේ අන්තර්ජාතික අධ්‍යාපන ප්‍රමිති වර්ගීකරණය යනු ජාතික වශයෙන් සංසන්දනාත්මක අධ්‍යාපන සංඛ්‍යාලේඛන වර්ගීකරණය කිරීමට සහ වාර්තා කිරීමට භාවිත කරන සම්මත රාමුවකි.
යුනෙස්කෝව විසින් සම්මත කරන ලද ISCED 2011 වර්ගීකරණයට අනුව, මුල් ළමාවිය අධ්‍යාපන වැඩසටහන් සාමාන්‍යයෙන් සැලසුම් කර ඇත්තේ දරුවන්ගේ මුල්කාලීන ඥාන වර්ධනය, ශාරීරික, සමාජීය සහ චිත්තවේගය වර්ධනයට සහය වීමට සහ කුඩා දරුවන්ට පවුල් ඒකකයෙන් පරිබාහිරව සංවිධාන වීමට සැපයෙන උපදෙස් ආදී පරිපූර්ණ ප්‍රවේශයක් සමගිනි.
මෙම මට්ටමේදී, වැඩසටහන් ඉහළ ව්‍යුහාත්මක ආකාරයක් නොගන්නා නමුත් ආරක්ෂිත භෞතික පරිසරයක් තුළ සංවිධානාත්මක සහ අරමුණු සහිත ඉගෙනුම් ක්‍රියාකාරකම් සමූහයක් සපයනු ලබයි.
ගුරුවරයාගේ මගපෙන්වීම යටතේ, සාමාන්‍යයෙන් නිර්මාණාත්මක සහ ක්‍රීඩා පාදක ක්‍රියාකාරකම් හරහා අනෙකුත් දරුවන් සමඟ අන්තර් ක්‍රියා කිරීමෙන් ඉගෙන ගැනීමට ද මෙම මට්ටමේදී දරුවන්ට ඉඩ සලසනු ලැබේ.
ප්‍රාථමික අධ්‍යාපන වැඩසටහන් සාමාන්‍යයෙන් සැලසුම් කර ඇත්තේ සිසුන්ට කියවීම, ලිවීම සහ ගණිතය පිළිබඳ මූලික කුසලතා ලබාදීමටත් දැනුම, පෞද්ගලික සහ සමාජ සංවර්ධනයේ මූලික ක්ෂේත්‍ර ඉගෙනීම සහ අවබෝධ කරගැනීම සඳහාත් පහළ ද්විතියික අධ්‍යාපනය සඳහා ශක්තිමත් පදනමක් පිහිටුවීමේත් අරමුණිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart