October 17, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව අද නිවේදනය කළේය.

ඔහුට එල්ලවු චෝදනා ගැන සොයාබැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත්කර තිබූ ‘ස්වාධීන පරීක්ෂණ කමිටුවේ’ නිර්දේශ අනුව එම තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එමගින් දැනුම් දි තිබේ.

2022 වසරේ නොවැම්බර් මස ඔස්ට්‍රේලියාවේ පැවැති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ධනුෂ්ක ගුණතිලකව එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ ස්ත්‍රී දූෂණ චෝදනාවකට වන අතර ඔහු ඉන් නිවැරදිකරු විමෙන් පසු ධනුෂ්ක දිවයිනට පැමිණියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2022 නොවැම්බර් මාසයේදී ධනුෂ්කට එරෙහිව මෙම ක්‍රිකට් තහනම පනවා තිබිණි.