42.31%
17.27%
32.76%
October 16, 2023

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආන්දෝලනාත්මක මාර්ගගත(ඔන්ලයින්) පනත් කෙටුම්පතට එරෙහිව කොළඹ අගරදුගුරු මැල්කම් කාදිනල් රන්ජිත් පියතුමන්ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

මේ වන විට මාර්ගගත(ඔන්ලයින්) පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 25කට වැඩි සංඛ්‍යාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇත.

ඔක්තෝබර් 18,19 සහ 20 යන දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් විභාගය සඳහා කැඳවීමට නියමිතය.

42.31%
17.27%
32.76%