October 15, 2023

2023 මධ්‍යම ආසියානු අභියෝගතා කුසලාන පිරිමි වොලිබෝල් තරගාවලියේ ශුරතාව අඛණ්ඩව දෙවැනි වරටත් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම අද සමත් විය.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේදි අද පස්වරු 04ට ක්‍රීඩා ඇමැති රෝෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් ඇරඹි  අවසන් තරගයේදී, උස්බෙකිස්ථාන කණ්ඩායම තරග වට 03ට  0ක් ලෙස පරාජයට පත්කරමින් ශ්‍රී ලංකාව එහි ශුරතාව දිනාගත්තේය.

ඒ අනුව, අවසන් මහා තරගයේදී  25ට 14ක්, 25ට 18ක් සහ 25ට 23ක් ලෙස ශ්‍රී ලංකාව විසින් උස්බෙකිස්ථාන වොල්බෝල් කණ්ඩායම පරාජයට  පත්කරන ලදී.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සත්කාරකත්වයෙන් සහ මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණයෙන් යුතුව මධ්‍යම ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලිය පැවැත්විණි.

පසුගිය 09වැනිදා ආරම්භ වූ තරගාවලිය සදහා බංග්ලාදේශය, උස්බෙකිස්ථානය, නේපාලය, ඇෆ්ගනිස්තානය, කසකස්ථානය සහ සත්කාරක ශ්‍රී ලංකාව  සහභාගි විය.

මීට පෙර 2021 වසරේ පළමුවරට පැවති තරගාවලියේ ශුරතාවද බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාව ජයගෙන තිබිණි.