October 15, 2023

කාන්තාවකට අමානුෂික ලෙස පහරදෙන සිද්ධියකට අදාළ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

එම වීඩියෝවට අදාළ පුද්ගලයන් සොයාගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

ඒ අනුව මෙම පහරදීමට සම්බන්ධ කඳාන ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක හිමිකරු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කරයි.

42.31%
17.27%
32.76%