October 15, 2023

දෙපසටම දෝලනය වෙමින් තිබූ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකින් පසු වේල්සයේ රග්බි ලෝක කුසලාන ගමන නතර කර දමන්නට ආර්ජන්ටිනාව (29 -17) සමත් විය.

තරගයේ පළමු අර්ධය නිමා වන විට වේල්සය ලකුණු 10 – 6 ක් ඉදිරියෙන් සිටියේය.

නමුත් Emiliano Boffelli දඬුවම් පහර හතරක් සාර්ථක කරගනිමින් ආර්ජන්ටිනාව ඉදිරියට රැගෙන ඒමට සමත් විය.

Tomos Williams විශිෂ්ට උත්සාහ දිනුමකින් වේල්සයේ ආධිපත්‍යය ප්‍රතිස්ථාපනය කළේය.

නමුත් Joel Sclavi සහ Nicolas Sanchez උත්සාහ දිනුම් දෙකක් වාර්තා කරමින් ආර්ජන්ටිනාවේ ජය තහවුරු කිරීමට සමත් වූහ.

ආර්ජන්ටිනාව රග්බි ලෝක කුසාලන තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසියේ දෙවැනි වරටයි.

මේ අතර අයර්ලන්තයේ ලෝක කුසලාන සිහිනය අඛණ්ඩව දෙවැනි වරටත් නවසීලන්තය විසින් අවසන් කරනු ලැබීය.

ඕල් බ්ලැක්ස් (28-24) ඔවුන්ගේ ප්‍රතිවාදීන් පැරිසියේදී පරාජයට පත් කර ආර්ජන්ටිනාවට එරෙහිව අවසන් පූර්ව තරඟයකට සුදුසුකම් ලැබීය.

ලොව ඉහළම ශ්‍රේණිගත කිරීමේ කණ්ඩායම ලෙස අයර්ලන්තය අවම වශයෙන් පළමු වරට අවසන් පූර්ව වටයට පැමිණීමට අපේක්ෂා කළ නමුත් ලෝක කුසලානයේ ඕල් බ්ලැක්ස් හමුවේ ශාපයෙන් ගැලවීමට ඔවුන් අසමත් විය.

Leicester Fainga’anuku, Ardie Savea සහ Will Jordan සිව්වන වරටත් රග්බි ලෝක කුසලානයක පහස විඳීමේ බලාපොරොත්තු අවුළුවමින් නවසීලන්තය අවසන් සිව්දෙනා අතර රැඳවීමට සමත් වූහ.

‍අයර්ලන්තය වෙනුවෙන් උත්සාහක දිනුම් ද්විත්යම වාර්තා කළ Bundee Aki සහ Jamison Gibson-Park නවසීලන්තයේ උපන් ක්‍රීඩකයින් වීමත් විශේෂත්වයකි.