Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගෙන් වැඩි ප්‍රමාණයක් තනිකම හා ඩිමෙන්ෂියාව යන රෝග තත්වයෙන් පෙළීම දිගින් දිගටම වැඩිවෙන බවත් ඒ සදහා බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවත් මානසික රෝග වෛද්‍ය මල්ෂා ගුණතිලක පවසයි.
මෙරට වැඩිහිටියන්ගෙන් 06% ත් 07% ත් අතර ප්‍රතිශතයකට ඩිමෙන්ෂියා රෝගය පවතින බව නව වාර්තා තුළින් හදුනාගෙන ඇත.
තම දරුවන් රට හැරයෑම තනිකමින් පාළුවෙන් පෙළෙන වැඩිහිටියන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වීමට හේතුවකි.
හික්කඩුව ප්‍රදේශයේ සිදුකරන ලද මෑතකාලීන සමීක්ෂණයක දී හෙළි වී ඇත්තේ, එම ප්‍රදේශයේ වැඩිහිටියන්ගෙන් 48% ක්ම තනිකම යන තත්ත්වයෙන් පසුවන බවයි.
ගෝලීය ජනගහණයේ ඩිමෙන්ෂියා රෝගීන් ප්‍රතිශතය හා ශ්‍රී ලාංකීය ඩිමෙන්ෂියා රෝගීන්ගේ ප්‍රතිශතය සමානවීම නිසා රජයේ වගකිවයුතු අංශ මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර එම තත්ත්වයන්ට පිළියම් යෙදිය යුතු බවට වෛද්‍යවරිය අවධාරණය කරයි.
ඩිමෙන්ෂියා රෝග තත්ත්වය පිළිබඳ අවසන් වරට මෙරට තුළ සමීක්ෂණයක් සිදුකර ඇත්තේ, මීට වසර 20කට පමණ පෙර බව සඳහන් වේ.
මෙම රෝගය පිළිබඳ සමීක්ෂණ පැවැත්වීම අවමවීම හා එම රෝගයෙන් පෙළෙන වැඩිහිටියන් රැක බලාගැනීමේ පහසුකම් අවමවීම ප්‍රධන ගැටලුවක් බව කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ජනමාධ්‍ය හමුවක දී වෛද්‍යවරිය පවසා ඇත.
ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, “ශ්‍රී ලාංකීය වැඩිහිටියන් අතර ‘ඩිමෙන්ෂියාව’ වැඩිවීම සැලකිලිමත් විය යුතු තත්ත්වයක්. මෙම රෝගයේ ප්‍රධානතම රෝග ලක්ෂණය වනුයේ අමතක වීමයි. සිතීමේ හැකියාව නැතිවීම, කථාබහ කිරීමේ ගැටලු මතුවීම, වචන සිරවීම, පවසන දේ තේරුම් ගැනීමට නොහැකිවීම, යම් යම් දේවල් සොයාගැනීමට නොහැකිවීම සෙසු රෝග ලක්ෂණයි. මෙම රෝග තත්ත්වය වර්ධනයවීම බරපතළ සෞඛ්‍ය ගැටලුවක් විය හැකි නිසා වගකිවයුතු අංශ මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. නිවසේ දී රැකබලාගත නොහැකි එවැනි රෝගීන් රැකබලා ගැනීම සඳහා රජය වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.” යනුවෙනි.
පවුල් වෛද්‍ය විද්‍යාව සම්බන්ධ මහාචාර්ය ශ්‍යාමලී ඒකනායක ද මෙහිදී අදහස් දක්වා ඇත.
ඇය පවසා ඇත්තේ, වැඩිහිටියන් රූපවාහිනිය ඉදිරිපිට වැඩි කාලවේලාවක් ගත කිරීම මානසික ආතතිය මෙන්ම කායික ගැටලු වැඩිවීමට බලපා ඇති බවයි.
මේ හේතුවෙන් වැඩිහිටියන්ගේ කායික ක්‍රියාකාරිත්වය හා සමාජීය අන්තර් ක්‍රියාකාරීත්වය අවම වීම රෝග රැසකට මගපදා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart