42.31%
17.27%
32.76%
October 5, 2023

වසර 200ක ඉතිහාසයක් ඇති තම පවුල්වලට පර්චස් 20 බැගින් ඉඩම් අයිතිය ලබාදෙන ලෙස ඉල්ලමින් මාවතගම පිහිටි වතු කිහිපයක ‘මලෛයහ ප්‍රජාව’ අද උද්ඝෝෂණයක් කළහ.

මාවතගම රඹුක්කන පාරේ පිටිවකන්ද වතුයායට පිවිසෙන ස්ථානයේ පැවැති මෙම උද්ඝෝෂණයට 200කට අධික මලෛයහ වැසියෝ සහභාගී වූහ.

වයඹ පළාතේ මලෛයහ ප්‍රජාව 11,000කට අධික පිරිසක් සිටින බවත්, ඔවුන්ට ජීවත් විය හැකි පරිසරයක පර්චස් 20 බැගින් වූ ඉඩම් ලබාදෙන ලෙස බල කරමින් මෙම උද්ඝෝෂණය ප්‍රදේශවාසීන් විසින් පවත්වන බවත්, ඊට සහභාගී වී සිටි සමාජ ක්‍රියාකාරිකයකු වන ජීවරත්නම් සුරේෂ් ප්‍රකාශ කළේය.

දෙමළ භාෂාවෙන් රාජකාරි කටයුත්තක් කිරීමට යද්දී රාජ්‍ය ආයතන තුළදී දැඩි අපහසුතාවලට පත්වෙන බවත්, කොරෝනා වකවානුවේ පවා අඛණ්ඩව සේවය කළ ⁣මලෛයහ ප්‍රජාවට හිමි අභිමානය ලබාදිය යුතු බවත් ජීවරත්නම් සුරේෂ් පෙන්වාදුන්නේය.

“පර්චස් 20ක ඉඩමක් ඕනෑ”, “අපේ අභිමානය අපට දියව්”, “ලිපිනයක් ලබා දෙන්න”, “බඩු මිල අඩුකරනු” ආදී සටන් පාඨ සහිත පුවරු උද්ඝෝෂකයෝ අත තිබිණි.

42.31%
17.27%
32.76%