42.31%
17.27%
32.76%
October 4, 2023

බස්නාහිර පළාත තුළ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ඉදිකිරීම සඳහා චීන රජය සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා යුවාන් මිලියන 552 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීන රජය කැමැත්ත පළ කර ඇති අතර මේ යටතේ නිවාස ඒකක 1,996ක් ඉදි කෙරේ .

බස්නාහිර පළාත තුළ අඩු පහසුකම් සහිත පදිංචිකරුවන්ට මෙමගින් පහසුකම් සහිත නිවාස ලබාදීමට නියමිතය.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ගිවිසුම චීන රජය සමඟ අත්සන් කිරීමට නාගරික සංවර්ධන හා නිවාස ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කර ඇත.

42.31%
17.27%
32.76%