42.31%
17.27%
32.76%
October 4, 2023

දින 5,000ක් පුරා අපහාස – උපහාස විඳගනිමින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නම් තම ස්වාමි පුරුශයාට යුක්තිය ඉටුකර ගැනීම සඳහා අරගල කළ බව සන්ධ්‍යා එක්නැලිගොඩ අද (04) පැවැසීය.

දින 5,000ක් ගතවීත් යුක්තිය අහිමි තමන්ට තවදුරටත් මෙරටදී සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි බවත්, ඒ වෙනුවෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් ඉල්ලීමට සිදුව ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙතෙක් කලක් මෙරට පරීක්ෂණයක් සම්බන්ධයෙන් තැබූ විශ්වාසය ගිලිහීමෙන් පසු, තමන් වෙනත් කුමක් කරන්න දැයි සන්ධ්‍යා එක්නැලිගොඩ රශ්න කරන්නීය.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කොට දින 5,000ක් ගතවීම වෙනුවෙන් කොට්ටාව, මාකුඹුරේ පිහිටි ඔහුගේ නිවසේ පැවැති ජනමාධ්‍ය හමුවකදී ඇය මේ අදහස් පළකළාය.

“දෙදාස් පහළොවේදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මට කතා කරලා කිව්වා, බයවෙන්න එපා ප්‍රගීත්ට යුක්තිය ඉටුකරගන්න උදව් කරන්නම් කියලා. අද ඔහු ජනාධිපති. මං ඔහුගෙන් ඉල්ලන්නෙ අධිකරණයේ සිදුවන යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මැදිහත් වෙන්න කියලා නෙමෙයි. ඒ ක්‍රියාවලිය සාධාරණව කරගෙන යන්න බාධාකරන එක නවත්තන්න කියලා.”

මෙහිදී අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පැවසුවේ,
“මේගොල්ලො ළඟ දණින් වැටිලා කවදාවත් යුක්තිය ලබාගන්න බෑ. මේගොල්ලො ඔක්කොම ගෙදර යැවීමෙන් විතරයි යුක්තිය ලබාගන්න පුළුවන්” යනුවෙනි.

මීට අමතරව ප්‍රගීත් එක්නැලිගොඩගේ සමීපතමයෝ, ජනමාධ්‍යවේදීහු, සිවිල් ක්‍රියාකාරීහු ඇතුළු පිරිසක් ද මෙහිදී අදහස් දැක්වූහ.

2010 ජනවාරි 24දා ප්‍රගීත් එක්නැලිගොඩ දෙවැනි වරට අතුරුදන් කරන ලදී.

42.31%
17.27%
32.76%