Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තලවතුගොඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් අසල රජයට අයත් වගුරු බිමක් ගොඩකර එහි ඉදිකිරීම් සිදුකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඇමැති ප්‍රසන්න රණතුංගගේ බිරිඳට ලබාදීමේ තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් විය.
දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිකාරියක වන අනිෂ්කා රංජීවි ද සිල්වා පෙත්සම ඉදිරිපත් කර තිබේ.
එහි වගඋත්තරකරුවන් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, ඇමැති ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳවන මොරින් රණතුංග, නීතිපති ඇතුළු 18 දෙනකු නම්කර තිබේ.
පෙත්සම්කාරිය කියා සිටින්නේ, තමන් තලවතුගොඩ, පෙරේරා මාවතේ පිහිටි කෙල්සි හෝම්ස් නමැති නිවාස සංකීර්ණයෙන් නිවසක් මිලදීගත් බවයි.
එම නිවාස සංකීර්ණයට යාබදව ඇල මාර්ගයක් තිබෙන අතර ඊට යාබදව රජයට අයත් වගුරු බිමක් පවතින බවත් පෙත්සමේ සඳහන් වෙයි.
පසුව ඇමැති ප්‍රසන්න රණතුංග බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැතිවරයා වශයෙන් සිටියදී මෙම ඉඩම නීතිවිරෝධී ආකාරයෙන් ගොඩකිරීමට පියවර ගෙන ඇති බව පෙත්සමේ සඳහන් වෙයි.
ඉන්පසුව එම ඉඩමේ අනවසර ආකාරයෙන් ඉදිකිරීමක් සිදු කිරීමට කටයුතු කරන බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.
මෙම නීතිවිරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය, පොලිස්පතිවරයා, කඩුවෙල නගර සභාව ඇතුළු ආයතන වලට පැමිණිලි කළත් ඉන් කිසිදු සාධාරණයක් ඉටු නොවූ බව පවසන පෙත්සම්කාරිය, තමන්ට එල්ල වූ මරණ තර්ජන නිසා රටින් පළායෑමට සිදු වූ බවත් සඳහන් කර ඇත.
මෙම නීති විරෝධී ක්‍රියාව හේතුවෙන් වැසි ජලය බැසීයෑමේ අවහිරතා මතුවී ඩෙංගු උවදුර ව්‍යාප්ත වන තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් පෙත්සම්කාරිය චෝදනා කරයි.
කරුණු සොයාබැලීමේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ඉඩම් ඇමති ප්‍රසන්න රණතුංගගේ බිරිඳට ලබාදීමට කටයුතු කර ඇති බව අනාවරණය වූ බවත්, එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැණි බවත් ඇය පෙන්වා දෙන්නීය.
ඒ අනුව අදාළ ඉඩම පැවරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැණි යැයි තීන්දු කොට, එය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරිය ඉල්ලා සිටින්නීය.
(අද දෙරණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart