Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය වසර කිහිපය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 56ක මුදලක් ප්‍රබල පුද්ගලයන් විසින් විදේශයන්හි තැන්පත් කර ඇතැයි අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ අද (03) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
මෙම වසරේ පමණක් ඩොලර් බිලියන 09ක මුදලක් එසේ තැන්පත් කර ඇති බව ඔහු පැවැසීය.
මෙම පුද්ගලයන්ගේ විදේශයන්හි තැන්පත් කර ඇති මුදල් ආපසු ගෙන්වා ගැනීමට නියෝග කරන ලෙස විශේෂ යෝජනාවක් තමන් ඉදිරිපත් කරන බවද හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම විදේශයන්හි ඩොලර් මිලියන 150කට වඩා තැන්පත් කර ඇති ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ලේකම්වරු සිටින බව ද ඔහු සඳහන් කළේය.
මෙලෙස තැන්පත් කර ඇති මුදල් නැවත ගෙනඑන්නේ නම් ශ්‍රී ලංකාව අනෙකුත් රටවලට ගෙවිය යුතු සියලුම ණය පියවීමට හැකි වන බව ඔහු පෙන්වාදුන්නේය.
එසේම අල්ලස් කොමිසමට සාමාජිකයන් නම් නොකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දැඩි දෝෂාරෝපණයක් ඇමැතිවරයා මෙහිදී එල්ල කළේය.
”අලුතින් පනවන ලද දූෂණ මර්දන පනත් කෙටුම්පතට අනුව අල්ලස් කොමිසමට තම නම් කළ අය ජනාධිපතිවරයා වෙත යැවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බැඳී සිටිනවා. සමහර තැන්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට ව්‍යවස්ථා මණ්ඩලය යන වචනය සඳහන් කර තිබීමේ දෝෂයක් තිබෙනවා. කෙසේ වෙතත්, අල්ලස් කොමිසමට සාමාජිකයන් පත්කිරීම නියම කර ඇති කොටසේ නිවැරදි වචන සඳහන් කරලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මන්ත්‍රීවරුන් නිදිද?” යැයි ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart