42.31%
17.27%
32.76%
October 3, 2023

‘සියල්ලටම වඩා දරුවන් වටී’ යන ලෝක ළමා දින උදෘතය තේමාකර ගනිමින් ලෝක ළමා දිනයට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරනු ලැබූ ලෝක ළමා දින සැමරුම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ ප්‍රදානත්වයෙන් බණ්ඩාරගම පර්ල් බේ ජල ක්‍රීඩා උද්‍යානයේ දී (Pearl Bay Water Park) පැවැත්විණි.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂගේ මගපෙන්වීමෙන් සංවිධානය කරනු ලැබූ මෙම ළමා දින සැමරුම් උත්සවය සදහා දරු දැරියන් 1000ක් පමණ සහභාගි වු අතර, දරු දැරියන් වෙනුවෙන් විනෝද ක්‍රීඩා රැසක් ද සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරනු ලැබු ගුවන් රන් දරු සිත්තම් – 2023 චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රධානය කිරීමද මෙහිදි සිදුකරනු ලැබු අතර, මෙම අවස්ථාව සදහා සහභාගි වූ සෑම දරුවකු හටම වටිනා ත්‍යාග පාර්සලයක් ද පිරිනමා තිබේ.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම, අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින්හු, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවෝ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

42.31%
17.27%
32.76%