Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉකුත් දිනයන්හි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර 08ක් පමණ එකවර ප්‍රමාදවීම හේතුවෙන් එම සමාගමට සිදුවූ පාඩුව රුපියල් කෝටි 195කට වැඩි බව වරාය නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
මේ හේතුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සේවකයන්ට කිසිදු දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීමක් සිදුකිරීමට නොහැකි බව ඇමැතිවරයා සඳහන් කරයි.
මෙම ගුවන් ගමන් ප්‍රමාදවීම හේතුවෙන් ගුවන් මගීන්ට සිදු වූ අපහසුතාවන් පිළිබඳ කරුණු විමසීම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ පාලන අධිකාරිය සහ සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් කැඳවා ඊයේ (02) වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ සිදු කළ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ඇමැතිවරයා මේ පිළිබඳ ප්‍රකාශ කර ඇත.
මෙම සමාගමේ ගුවන් මෙහෙයුම් වෙනුවෙන් තිබෙන ගුවන් යානා 21 සඳහා ගුවන් නියමුවන් 260 දෙනෙක් පමණ සිටින අතර එක් ගුවන් යානයක් සඳහා ගුවන් නියමුවන් 12 දෙනෙක් සේවයේ නිරත විය යුතුය.
අන්තර්ජාතික නීති රීතිවලට අනුව ගුවන් නියමුවෙක් මසකට පැය 100ක කාලයක් පියාසර කළ යුතු වුවත්, ලැබී ඇති වාර්තා අනුව පසුගිය කාලය තුළ ශ්‍රීලන්කන් ගුවන් නියමුවෙක් මසකට පියාසර කර ඇත්තේ පැය 60ක කාලයක් පමණක් බව ඇමැතිවරයා සඳහන් කරයි.
එක් ගුවන් නියමුවෙක් මසකට අවම වශයෙන් පැය 80ක් හෝ පියාසර කර ඇත්නම් මෙවැනි ප්‍රශ්නයක් උද්ගත නොවන බව ඔහු පවසයි.
පසුගියදා සිදු වූ ගුවන් ගමන් ප්‍රමාදයන් පිළිබඳ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඇමැතිවරයා කරුණු විමසූ විට ඔවුන් සඳහන් කර ඇත්තේ, ගුවන්යානාවල පැවැති තාක්ෂණික දෝෂ මෙම ප්‍රමාදයන්ට හේතු වූ බවය.
එහෙත් ශ්‍රීලන්කන් ගුවන් සේවා පරිපාලක අධිකාරිය පවසා ඇත්තේ, යම් ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් එනම් අකුරට වැඩකිරීම තුළින් මේ තත්ත්වය උදා වූ බවයි.
වැටුප් හා දීමනා පිළිබඳ ගැටලුවක්ද මෙම වෘත්තීය සමිති තුළ තිබෙන බව තමා දන්නා බව මෙහිදී අදහස් දක්වමින් ඇමැතිවරයා පවසා ඇත.
මේ වන විට ශ්‍රීලන්කන් ගුවන් සේවය අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ණයක් ගෙන ඇති බවත්, ඒ සඳහා පොළියක්ද ගෙවිය යුතු බවත්, හෙතෙම පවසයි.
කෙසේවෙතත් ගුවන් සේවාවේ ඵලදායීතාව වැඩි කළහොත්, ඵලදායිතාව මත පදනම්ව යම් ගෙවීමක් සිදුකළ හැකි බවද ඇමැතිවරයා මෙහිදී වෘත්තිය සමිති නියෝජිතයන්ට සඳහන් කර ඇත.
ශ්‍රීලන්කන් ගුවන් සේවාවට තිබෙන අයිතීන්ද රැකගෙන වෙනත් ගුවන් සේවාවන්ටත් මෙම ගුවන් ගමන් වාර සේවා පැවැත්වීමට අයිතිය ලබාදීමට තීරණය කළ බව ද ඔහු පවසා තිබේ.
අනෙකුත් ගුවන් සමාගම් සඳහාද 5 TH FREEDOM RIGHT හෙවත් මෙරට සිට වෙනත් රටකට මගීන් ප්‍රවාහනය කිරීමේ අයිතිය ලබාදීමට සිදුවන බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
(අරුණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart