![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/RAVI-k1-320x320.jpg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගියදා ගැසට් කරන ලද ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳව Asia Internet Coalition (AIC) කනස්සල්ල පළ කර ඇත.
Asia Internet Coalition ආසියා පැසිෆික් කලාපයේ අන්තර්ජාල ප්‍රතිපත්ති ගැටළු අවබෝධ කර ගැනීම සහ විසඳීම ප්‍රවර්ධනය කරන කර්මාන්ත සංගමයක් ලෙස Asia Internet Coalition (AIC) 2010 දී පිහිටුවන ලදී.
ෆේස්බුක් අයත්වන මෙටා, ට්විටර් හෙවත් X, yahoo, Apple, LInkedin සහ Amazon ඇතුළු අන්තර්ජාල සමාගම් රැසක් එහි පාර්ශවකරුවෝ වෙති.
නිවේදනයක් නිකුත් කරමින් AIC හි කළමනාකාර අධ්‍යක්ෂ ජෙෆ් පේන් පවසා ඇත්තේ, ශ්‍රී ලංකා රජය කිසිදු පාර්ශ්වකරුවන්ගේ උපදේශනයකින් තොරව අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත ගෙන ඒම පිළිබඳව Asia Internet Coalition කනස්සල්ලට පත්ව සිටින බවයි.
විරෝධාකල්ප සහ ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මැඩපැවැත්වීම සඳහා කුරිරු ක්‍රමයකට මෙම පනත් කෙටුම්පත මගින් විධිවිධාන සලසන බව අධ්‍යක්ෂවරයා පෙන්වාදී ඇත.
සමානුපාතික, සාධාරණ, අන්තර්ජාතික හොඳම භාවිතයන්ට අනුකූල වන රෙගුලාසි සකස් කිරීමට සහ වඩාත්ම වැදගත් ලෙස ශ්‍රී ලංකාවේ නව ඩිජිටල් ආර්ථිකයේ වර්ධනයට සහාය වීම සඳහා කර්මාන්ත පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කරන ලෙස AIC රජයෙන් දැඩි ලෙස ඉල්ලා සිටින බව ජෙෆ් පේන් වැඩිදුරටත් සඳහන් කරයි.
අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත 2023 සැප්තැම්බර් 18 වැනි දින ශ්‍රී ලංකා රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කරන ලදී.
පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණු අතරට, අන්තර්ජාල ආරක්ෂණ කොමිෂන් සභාව පිහිටුවීම, ශ්‍රී ලංකාවේ ඇතැම් මාර්ගගත සන්නිවේදනයන් තහනම් කිරීමට ප්‍රතිපාදන සම්පාදනය කිරීම, තහනම් අරමුණු සඳහා මාර්ගගත ගිණුම් සහ අසත්‍ය අන්තර්ජාල ගිණුම් භාවිත කිරීම වැළැක්වීම, හඳුනාගෙන ප්‍රකාශ කිරීමට ප්‍රතිපාදන සකස් කිරීම ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart