October 2, 2023

මුලතිව් දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයා සිය සේවයෙන් ඉවත්ව, රට හැර යෑම සම්බන්ධයෙන් හේතුවූ කරුණු කාරණා හා ඔහුට එල්ලවූ බාහිර බලපෑම් පිලිබදව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙසට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ සිදුවීම පිළිබඳව වැඩිදුරටත් සොයා බලන ලෙසට මහජන ආරක්ෂක ඇමැතිවරයා උපදෙස් ලබා දී ඇත.

කුරුන්දි පුරාවිද්‍යා භූමිය සම්බන්ධයෙන් ලබාදුන් තීන්දු හේතුවෙන් තමාට ජීවත තර්ජන එල්ලවී ඇති බැව පවසමින් මුලතිව් දිසා විනිසුරුවරයා තමා දැරූ ධූරවලින් ඉල්ලා අස්විය.

42.31%
17.27%
32.76%