October 2, 2023

බංග්ලාදේශය සමග පසුගියද පැවැති ලෝක කුසලාන එක්දින තරගාවලියේ පුහුණු තරගයේදි සුළු අබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරාගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.

ඒ අනුව, ගැටලුවකින් තොරව කුසල් පෙරේරාට එක්දින ලෝක කුසලානයට තරග වැදිමට හැකිවනු ඇති.

මේ අතර අබාධයකට ලක්ව සිටි මහීෂ් තීක්ෂණ ද එක්දින ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගයේ  සිට ශ්‍රී ලංකා කණ්ඩායම සමග ක්‍රීඩා කරනු ඇති බව ද ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරයි.

ශ්‍රී ලංකාව තරගාවලියේ සහභාගි වන දෙවන පුහුණු තරගය⁣ හෙට ඇෆ්ගනිස්තානය සමග පැවැත්වේ.