October 1, 2023

ඉන්දියාව ලොව භේදය සමනය කිරීමට ගෝලීය වශයෙන් විසඳුම් සපයන්නකු ලෙස ඉදිරියට පැමිණ ඇති බව විදේශ කටයුතු ඇමැති එස්. ජයිශංකර් සඳහන් කළේය.

“අද ඉන්දියාව දකින්නේ බෙදීම් නැති කරන විසඳුම් සපයන්නෙකු ලෙසය. වර්ධනය වන ආර්ථිකය, තාක්ෂණයේ දියුණුව සහ අපගේ දක්ෂතා ඊට විශාල හේතුවකි. ඊටත් වඩා වැදගත් වන්නේ ජාතික අවශ්‍යතා පෙරටු කරගත් සහ සමානව විශ්වාස කරන ශක්තිමත් හා කැපවූ නායකත්වයක් විසින් ගෙන ආ ප්‍රජාතන්ත්‍රවාදී පාලන භාවිතයන් පිළිබඳ මානසිකත්වයයි.” යැයි ජයිශංකර් අවධාරණය කළේ G2O යුනිවර්සිටි කනෙක්ට් ඉසව්වේ දී අදහස් දක්වමිනි.

මේ වසරේ ඉන්දියාව විසින් සත්කාරකත්වය දරන G2O සමුළුව ගෝලීය කුසලතා ජන විකාශනය සහ අවස්ථා පුළුල් කිරීම සඳහා ඉන්දියාවේ කැපවීම පිළිබිඹු කරන බවද ඇමැතිවරයා පෙන්වාදුන්නේය.

“ඔබ සැම සමාන උනන්දුවක් දක්වන G20 වර්ගයේ පළමු අවස්ථාව මෙය වන අතර, ගෝලීය කුසලතා ජන විකාශනය සිදු කිරීමට G20 කැපවීම ඊට හේතුව වී ඇත. අපි එක ලෝකයක්, එක පවුලක්, එක අනාගතයක්.” යැයි ජයිශංකර් අවධාරණය කළේය.

හදිසි අවස්ථා වලදී පළමු ප්‍රතිචාර දක්වන්නා ලෙස රටේ ප්‍රතිරූපය තවදුරටත් ශක්තිමත් කළ ‘මෛත්‍රී එන්නත්’ වැඩසටහන සඳහා ඉන්දියාව විසින් සිදු කරන ලද දායකත්වයද ඔහු එහිදී පැහැදිලි කරනු ලැබීය.