October 1, 2023

අද මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිල ගණන්ද ඉහළ දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 04කින් (නව මිල රු:365), ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 03කින් (රු:420), ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 10කින් (රු:351), සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 62 (රු:421) සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 11 (රු:242) ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.

අද පස්වරුවේ චීනයට අයත් සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ලැබීය.