October 1, 2023

ලංසු ඉදිරිපත් කළ ඉන්දීය සමාගම් දෙක නුසුදුසු බව කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව (CAPC) විසින් නිර්දේශ කිරීමෙන් අනතුරුව මතභේදාත්මක ටෙන්ඩරය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා නැවත ටෙන්ඩර් කැඳවීමට සූදානම් බව වාර්තා අනාවරණය කරයි.

තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් තහවුරු කර ඇත්තේ, තාක්ෂණික කමිටුව විසින් ලංසුකරුවන් දෙදෙනාටම නුසුදුස්සන් වී ඇති බවට දැනුම් දී ඇති බවයි.

“කාර්යයේ හදිසි අවශ්‍යතාවය සැළකිල්ලට ගෙන ඉක්මනින් ටෙන්ඩරය නැවත ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යැයි රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කර ඇත.

දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතියේ ප්‍රගතිය අධීක්‍ෂණය කරන ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘති අධීක්ෂණ කමිටුව (JPMC) මෙම නවතම වර්ධනයන් නිර්ක්ෂණය කරමින් ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉදිරි සතියේදී රැස්වීමට අපේක්ෂා කෙරෙන බව වාර්තා වේ.

ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘති අධීක්ෂණ කමිටුවෙහි සම සභාපතිත්වය දරන්නේ රාජ්‍ය ඇමැති කනක හේරත් සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ විසිනි.

Sri Lanka Unique Digital Identity (SL-UDI) ව්‍යාපෘතිය ලෙස නිල වශයෙන් හැඳින්වෙන මෙම යෝජනා ක්‍රමය පසුගිය වසරේ මාර්තු මාසයේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමකට (MoU) පසුව ඉන්දීය රජය විසින් ලබාදෙන ප්‍රදානයක් හරහා ක්‍රියාත්මක කෙරේ.

ව්‍යාපෘතියේ මුළු පිරිවැය රුපියල් බිලියන 41.05 කි. ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජයට අගෝස්තු මාසයේදී ඉන්දීය රජය ඉන්දීය රුපියල් මිලියන 450ක අත්තිකාරම් ගෙවීමක් ලබා දුන්නේය.

අවබෝධතා ගිවිසුමට අනුව ව්‍යාපෘතිය සඳහා ලංසු තැබීමට සුදුසුකම් ලබන්නේ ඉන්දීය සමාගම් පමණි.