September 29, 2023

චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 පිරිමි මූලික වටයේ පළමු තරගයට එක්වුණු කාලිංග කුමාරගේ එහි පළමු ස්ථානය හිමි කරගත්තේය.

ඒ තත්ත්පර 45.57කින් තරගය නිමා කරමිනි.

තුන්වැනි මූලික වටයේ තරගයට එක් වුණු අරුණ දර්ශන තරගය නිමා කළේ තෙවැනියා ලෙසයි .

ඔහුගේ තරග නිමි කාලය තත්ත්පර 46.07ක් විය.

ඒ අනුව කාලිංග කුමාරගේ සහ අරුණ දර්ශන දෙදෙනාම අවසන් වටය සඳහා සුදුසුකම් ලබාගත්හ.

කාලිංග කුමාරගේ ලබාගත් තරග නිමි කාලය මූලික වටයේ තරග අතර දෙවැනි හොඳම කාලයයි.