September 29, 2023

ආසියානු ක්‍රීඩා උලෙලේ මිටර් 400 කාන්තා ඉසව්වේ දෙවැනි මූලික වටයේ තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට නදීෂා රාමනායක සමත් විය.

ඒ අනුව ඇය අවසන් තරගයට සුදුසුකම් ලැබීමට සමත් වූවාය.

ඇය තරගය නිමකිරීමට ගතකළ කාලය තත්ත්පර 52.67ක් විය.

ආසියානු ක්‍රීඩා උලෙලේ මිටර් 400 කාන්තා ඉසව්වේ අවසන් තරගය හෙට පැවැත්වේ.