42.31%
17.27%
32.76%
September 29, 2023

2023 ජුලි 07 වන දින මුලතිව් කුරුන්දි පුරාවිද්‍යා භුමියේ අනවසර ඉදිකිරීමේ සම්බන්ධයෙන් මුලතිව් දිසා විනිසුරු ටී.සරවනරාජා සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂණයට බාධා කිරීමට සරත් වීරසේකර මන්ත්‍රීවරයා දැරූ උත්සාහය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වේ.

එහිදී විනිසුරුවරයා පෙන්වාදෙන්නේ දේශපාලකයන්ට එම කටයුත්තට මැදිහත්වීමට අවකාශයක් නොමැති බවයි.

කෙසේවෙතත් කුරුන්දි ප්‍රශ්නය සම්බන්ධයෙන් නියෝගය ලබාදීමෙන් පසුව එල්ල වූ ජීවිත තර්ජන, බලපෑම් සහ හිරිහැර හේතුවෙන් සිය විනිසුරු ධූරයෙන් ඉල්ලා අස්වන බව ටී.සරවනරාජා විනිසුරුවරයා සඳහන් කර ඇත.

විනිසුරුවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය සැප්තැම්බර් 23 වැනිදා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත යවා ඇත.

එම ලිපියට අනුව, ඔහු දිසා විනිසුරු ධූරය, මහේස්ත්‍රාත් ධූරය, පවුල් අධිකරණ විනිසුරු ධූරය, ප්‍රාථමික අධිකරණ විනිසුරු ධූරය, කුඩා හිමිකම් උසාවි විනිසුරු ධූරය සහ බාල වයස්කාර අධිකරණ විනිසුරු ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජීවිත තර්ජන නිසා මුලතිව් දිසා විනිසුරු ඉල්ලා අස්වේ

42.31%
17.27%
32.76%