September 29, 2023

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජර්මනියේ ‘බර්ලින් ග්ලෝබල් කතිකාව’ අතරතුර ‘විහිළුවක් කරන’ ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ සංසරණය වේ.

සමුළුව මෙහෙයවන පූරකවරිය සිය දේශනය පැවැත්වීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ආරාධනා කරන්නේ, “අති ගෞරවණිය’ වැනි අදහසක් දනවමින් “His Excellency” ලෙස භාවිත කරමිනි.

එහිදී වේදිකාවට පැමිණෙමින් සිටින ජනාධිපතිවරයා පූරකවරියට විහිළු කරමින් පවසන්නේ, එම “His Excellency” ප්‍රකාශයට ඇයට දඩ නියම කරන බව පවසමිනි.