42.31%
17.27%
32.76%
September 27, 2023

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ල වී ඇතැයි කියන තර්ජන හේතුවෙන් ඔවුන්ට ලබාදී ඇති ආරක්ෂාව වැඩි කළ යුතු බවට මතුව ඇති ගැටලුකාරී තත්ත්වය හමුවේ, පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් මෙතෙක් සැළකිව යුතු තීරණයක් ගෙන නොතිබුණද සියලු ආරක්ෂක අංශ මෙම කාරණයට සංවේදී බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ අනුරාධපුරයේ පිහිටි පෞද්ගලික නිවස අසලදී ඔහුගේ වාහනයට නාඳුනන තුවක්කුකරුවන් විසින් පසුගියදා වෙඩි තැබීමේ සිද්ධිය මෙම කනස්සල්ලට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

එමෙන්ම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව අනතුරේ පවතින බැවින්, ඔවුන්ගේ ආරක්ෂාව තරකිරීමට කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී

ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුවී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ නීතීඥ නිහාල් තල්දූව පවසයි.

කෙසේවෙතත්, පොලිසිය සහ අනෙකුත් ආරක්ෂක නිලධාරීන් මෙම කාරණය සම්බන්ධයෙන් ඉතා සංවේදී බව ඔහු සඳහන් කර ඇත.

උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ වාහනයට ප්‍රහාරයක් එල්ල වන විට, ඔහුට අනුයුක්ත කර තිබූ ආරක්ෂක නිලධාරීන් නොමැතිව ගමන් කර ඇති බවත්, එබැවින් තම ආරක්ෂාව පිළිබඳව වඩාත් අවධානයෙන් සිටින ලෙස සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය සහ 2022 මැයි 09 වැනිදා සිදුවූ ගිනි තැබීම්වලින් අනතුරුව මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ ආරක්ෂාව වැඩිකිරීමට ආරක්ෂක බලධාරීන් කටයුතු කළ නමුත්, එය තවත් වැඩිකිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද ඔහු සඳහන් කර ඇත.

එමෙන්ම දකුණු පළාතෙන් වාර්තා වූ රාජ්‍ය ඇමැතිවරයකුගේ සමීපතම ඥාතියකුට (රාජ්‍ය ඇමැති D.V චානකගේ මාමණ්ඩිය) වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය දේශපාලනඥයාට එල්ල වූ ආරක්ෂක තර්ජනයක් ලෙස තක්සේරු කළ නොහැකි බව ද ඔහු පවසයි.

පසුගිය සතියේ දින දෙකකට වැඩි කාලයක් තමාට මරණ තර්ජන එල්ල වූ බැවින් තමාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ පසුගියදා පාර්ලිමේන්තුවේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධනට පැමිණිලි කර ඇත.

මන්ත්‍රීවරයා වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර ඇත්තේ, දින දෙකක සිට ජංගම දුරකථනයකින් මරණ තර්ජන කරමින් ඇමතුම් සහ කෙටි පණිවිඩ ලැබෙන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ද ඔහු පවසා ඇත.

මෙම කරුණ ලිඛිතව ඉදිරිපත් කරන ලෙසත්, එය පොලිස්පති චන්දන ඩී. වික්‍රමරත්නට සහ ආරක්ෂක ඇමැති, ජනාධිපති රනිල් වික්‍රමසිංහට යොමුකරන ලෙසත්, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ ඔහුට දන්වා තිබේ.

42.31%
17.27%
32.76%