September 27, 2023

මුදල් ඉපැයීම සඳහා තම නිරුවත් වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරීමේ චෝදනාවට ලක්වූ කාන්තාවක් සැප්තැම්බර් 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අසභ්‍ය ප්‍රකාශන ආඥා පනතේ 2 වැනි වගන්තිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ 286 වගන්තිය යටතේ වැරදි සිදු කළ බව කියන එක් දරු මවක් වන මෙම කාන්තාව රහස් පොලිසියේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා කර ඇත්තේ, සැකකාරිය ඇයගේ නිරුවත් වීඩියෝ, ඇයගේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කළ පුද්ගලයන් සමඟ අන්තර්ජාලය හරහා බෙදාගෙන ඇති බවයි.

එම කාන්තාව විනාඩියකට රුපියල් 1000ක මුදලකට සිය සේවාව ලබාදී ඇති බව පොලිසිය සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් චෝදනා කරන්නේ, සැකකාරියගේ ස්වාමිපුරුෂයා එම අපරාධය සඳහා දිරිමත් කරන හෝ සහාය වන ආකාරයෙන් කටයුතු කර ඇති බවයි.

සැකකාරියට එරෙහිව චෝදනා පත්‍රයක් මීළඟ නඩු දිනයේදී ගොනුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් රහස් පොලිසියට නියෝග කර ඇත.

සැකකාර කාන්තාව වෙනුවෙන් නීතිඥවරයකු පෙනිසිට නැත.

42.31%
17.27%
32.76%