September 26, 2023

ආසියාවේ විශාලතම තෙල් හා ගෑස් සමාගම වන පෙට්‍රෝ චයිනා හි (PetroChina International) සිංගප්පූරු ශාඛාවට ශ්‍රී ලංකාවට ඩීසල් නැව් තොග හතරක් සැපයීමේ කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇත.

2023-11-01 දින සිට 2024-02-29 දින දක්වා වන ඉදිරි මාස (04) කාලය තුළ ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සඳහා ඩීසල් නැව් තොග 04ක් මිල දී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත්තු ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇත.

ඒ සඳහා ලංසු 05ක් ඉදිරිපත් වී තිබේ.

එම ලංසු සළකා බැලීමෙන් අනතුරුව, කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කම්ටුවේ නිර්දේශය මත පදනම්ව M/s Petrochina International (Singapore) Pte.Ltd වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.