42.31%
17.27%
32.76%
September 26, 2023

තරුණ පිරිස් වැඩි වශයෙන් පක්ෂය වටා ඒකරාශී කරගැනීමේ අරමුණින් පෙරටුගාමී සමාජවාදි පක්ෂය ඉදිරියේදී සමුළු දෙකක් පැවැත්වීමට සූදානම් වන බව වාර්තා වේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ වෙනසක තාරුණ්‍යය සහ විප්ලවාදී ශිෂ්‍ය සංගය මගින් කොළඹ දී මෙම සමුළු දෙක පැවැත්වීමට, එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇතැයි පැවැසේ.

ඒ අනුව,වෙනසක තාරුණ්‍යය සංවිධානයේ සමුළුව එහි කැදවුම්කරු ලහිරු වීරසේකර විසින් සංවිධානය කරනු ලබන අතර, විප්ලවාදි ශිෂ්‍ය සංගමයේ සමුළුව එහි කැදවුම්කරු මංගල මද්දුමගේ විසින් සංවිධානය කරනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සමුළු සදහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්, අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව යන අය සහභාගිවීමට නියමිතව ඇති බවද පැවැසේ.

42.31%
17.27%
32.76%