42.31%
17.27%
32.76%
September 25, 2023

සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි ත්‍රීරෝද රථ රියදුරන් ඒකරාශි කර ගනිමින් ත්‍රීරෝද රථ රියදුරන්ට පවතින ගැටලු සම්බන්ධව රට තුළ සංවාදයක් ගොඩනැගීමේ අරමුණින් ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ බලකායක් පිහිටුවීමට පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ මධ්‍යම කරකා සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඉන්ධන මිල ඉහළ යෑම, ත්‍රීරෝද රථවල අමතර කොටස්වල මිල ගණන් ඉහළ යෑම සහ පවතින අනෙකුත් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ත්‍රීරෝද රථවලින් ගමනා ගමන පහසුකම් සලසාගන්නා පිරිස්වල අඩුවක් පවතින බව මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.

මෙම තත්වයන් හේතුවෙන් ත්‍රීරෝද රථ රියදුරන්ගේ ආදායම් තත්වය අවම මට්ටමක පැවැතීමත්, ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීමත් වෙනුවෙන් මෙම ත්‍රීරෝද රථ බලකාය පිහිටුවීමට තීරණය කර තිබේ.

බස්නාහිර පළාත තුළ රටේ වැඩිම ත්‍රිරෝද රථ සංඛ්‍යාවක් පවතින බැවින් බස්නාහිර කේන්ද්‍ර කර ගනිමින් මෙම බලකාය පිහිටුවා,පසුව එය සෙසු අනෙකුත් දිස්ත්‍රිකක්යන් වලටත් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව පැවැසේ.

42.31%
17.27%
32.76%