42.31%
17.27%
32.76%
September 25, 2023

වන සංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තු අත්පත් කරගත් අක්කර 25,000 ක් නැවත ගොවීන්ට ලබාදීමට අවශ්‍ය කටයුතු පිළිබඳව විෂය භාර ඇමැතිනි පවිත්‍රා වන්නිඅරච්චි විසින් සොයාබලමින් සිටින බව එම අමාත්යංශය පවසයි.

වනජීවී හා වන වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ පවසයි.

“මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි වත්තේගම-කැබිලිත්ත රක්ෂිතයේ මුලු බිම් ප්‍රමාණය හෙක්ටයාර 28,926 ක් පමණ වේ. එය 2012 වර්ෂයේදී රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

එම භූමියෙන් හෙක්ටයාර 9000 ක් පමණ හායනයට පත් වී ඇත.

එයට හේතුව එම ප්‍රදේශයේ අනවසරයෙන් විටින් විට හේන් වගා කිරීමය.

එහෙත් 2012 සිට 2019 දක්වා ගොවීන් විසින් විවිධ හේතු දක්වමින් රක්ෂිතය තුල හේන් ගොවිතැන් කරන ලදී.

2020 වර්ෂයේදී වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යවරයා සහ එම රාජ්‍ය අමාත්‍යවරයා එම ප්‍රදේශයේ මහජන නියෝජිතයන්, නිලධාරින් සහ ගොවි නියෝජිතයන් සහභාගි වූ රැස්වීම්වලදී රක්ෂිතය තුළ කෘෂි බෝග වගා කිරීම සිදු නොකිරීමට සහ රක්ෂිතයෙන් බැහැරව හඳුනාගෙන ඇති භූමියේ වගා කටයුතු සිදු කරගෙන යෑමට තීරනය විය.

රක්ෂිතයෙන් බැහැර එම භූමිය අක්කර 25,000 ක් පමණ වේ.

එම ස්ථාවරයට අනුව 2022 වර්ෂයේදී වත්තේගම – කැබිලිත්ත රක්ෂිතය තුළ හායනයට පත්වූ හෙක්ටයාර 1000 ක් පමණ ප්‍රමාණයක ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ පොලිසියේ සහාය ඇතිව වන වගා කරන ලදී.

මෙම වන ප්‍රතිස්ථාපන වැඩසටහන සියලු පාර්ශවයයන්ගේ සහභාගිත්වයෙන් මෙම වසරේදී මෙන්ම ඉදිරි වර්ෂවලදී සිදුකිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

එමගින් වත්තේගම- කැබිලිත්ත රක්ෂිතය තුල පිහිටි හායනයට පත් ප්‍රදේශවල නැවත වනාන්තර ප්‍රතිස්ථාපනය කරනු ලැබේ.

42.31%
17.27%
32.76%