Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකගේ බිරිඳගේ පියා වන ලලිත් වසන්ත මෙන්ඩිස්ට (61) පෙරේදා (23) රාත්‍රී කාලයේදී ගාල්ල චීන කොරටුව පහළ ඩික්සන් පාරේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ කණ්ඩායම් 04ක් ක්‍රියාත්මකය.
ගාල්ල විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයත්, ගාල්ල පොලිසියේ කණ්ඩායමක් සහ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ කණ්ඩායම් දෙකක් වශයෙන් එම විමර්ශන කණ්ඩායම් ක්‍රියාත්මක බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත සඳහන් කළේය.
ගාල්ල වුඩ්වත් මාවතේ පදිංචිව සිටින ලලිත් වසන්ත මෙන්ඩිස් ගාල්ලේ පිහිටි ඔහුට අයත් නිමි ඇඳුම් ව්‍යාපාරික ස්ථානය වසා දමා SP KR-8128 අංකය දරන ජීප් රථයෙන් නිවෙස බලා ගමන් කරමින් සිටියදී, යතුරුපැදියකින් මෙම ජීප් රථය හඹාගෙන පැමිණි දෙදෙනෙක් විසින් ටී 56 අවියකින් වෙඩි වරුසාවක් එල්ලකර මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය කියයි.
එම ස්ථානයේ බිම තිබී ටී 56 හිස් පතරොම් කොපු 22ක් හමුවූ බව පොලිසිය කියයි.
වෙඩි ප්‍රහාර හමුවේ ලලිත් වසන්ත මෙන්ඩිස් එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලිසිය පවසයි.
එහෙත් ප්‍රදේශවාසීන් ඔහුව ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන යමින් ජීවිතය බේරාගැනීමට උත්සාහයක්ද ගෙන ඇති බව පොලිසිය කියයි.
මෙම ඝාතනයේ අරමුණ පැහැදිලි නැතත් ඝාතනය මෙහෙයවා ඇත්තේ ඩුබායි සිටින මත්කුඩු ජාවාරමේ නිරත පාතාලයේ ප්රබලයෙකු වන කොස්ගොඩ සුජී බවට තොරතුරු විමර්ශන කණ්ඩායම් වෙත ලැබී තිබේ.
ඔහු විසින් මෙම ඝාතනය සිදු කරනු ලැබුවේ ඇයිදැයි සොයා විමර්ශන පවත්වන බවත් වෙඩික්කරු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart