September 23, 2023

ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම් වලින් ඉන්දීය කණ්ඩායම වාර්තාවක් තැබීමට සමත්ව සිටී.

ඒ ටෙස්ට්,එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස අන්තර්ජාතික ක්‍රිකට් ⁣ශ්‍රේණිගත කිරීම් හි පළමු තැනට පත්වෙමිනි.

ඒ අනුව මෙම දක්ෂතාව දැක්වූ ලොව දෙවැනි කණ්ඩායම ලෙස ඉන්දියාව ඉතිහාසගතවන අතර, 2012 වසරේදී දකුණු අප්‍රිකාව මෙම දක්ෂතාව දක්වා තිබුණේය.

ඊයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව මොහාලි දී තරගය ආරම්භය⁣ට පෙර ඉන්දියාව ටෙස්ට් සහ විස්සයි විස්ස පළමු තැන පසුවූ අතර, පළමු එක්දින තරගයේදී ඕස්ට්‍රේලියාව කඩුලු 05කින් පරාජයට පත්කරමින් එක්දින ශ්‍රේණිගත කිරීම්හි පළමු තැනට පත්විය.

ඒ අනුව එක්දින,ටෙස්ට් සහ විස්සයි විස්ස තරග රටා තුනේම පළමු තැන ලබාගැනිමට ඉන්දියාව සමත් විය.