42.31%
17.27%
32.76%
September 23, 2023

මෙරට සිව්දෙනකුගෙන් යුත් සෑම පවුලක්ම රුපියල් හතළිස් හත් ලක්ෂ විසි හතර දහසක(4,724,000) ණයකරුවන් කර ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්යවරුන්වන වසන්ත අතුකොරල සහ ඕ.ජී. දයාරත්න බණ්ඩා යන අය කළ නවතම අධ්‍යයනයකදී අනාවරණයවී ඇත.

රජය ගත් අසීමිත ණය හේතුවෙන් ජනතාව මෙසේ ණයකරුවන්වී සිටින බව මහාචාර්ය වසන්ත අතුකෝරළ සඳහන් කර ඇත.

ඒ අනුව රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය (මේ වසරේ අප්‍රේල් මාසය දක්වා) රුපියල් එකොළොස් ලක්ෂ අසූ එක් දහසක්(1,181,000) බව ඔහු සඳහන් කර තිබේ.

එම ඒක පුද්ගල ණය ප්‍රමාණය 2020 වර්ෂයේදී පැවැතියේ රුපියල් හය ලක්ෂ අනූ දහසක්(690,000) ලෙස යැයි පැවසූ මහාචාර්යවරයා මේ වර්ෂයේ ඒකපුද්ගල දේශීය ණය ප්‍රමාණය පමණක් රුපියල් හය ලක්ෂ අනූ දහස් හැට හතරක්(690,064) බව පවසයි.

මෙම වසරේ ඒක පුද්ගල විදේශ ණය ප්‍රමාණය රුපියල් හාරලක්ෂ අනූ දහස් නව සිය හැත්තෑ දෙකක්(490,972) බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

42.31%
17.27%
32.76%