42.31%
17.27%
32.76%
September 22, 2023

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවති උත්සවයකදී විදේශ ඇමැති අලි සබ්‍රි සිය පුත්‍රයා සමඟ සිටිමින් ගන්නා ලද ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී.

දේශපාලනඥයන්ගේ ඥාතීන්ට මෙවැනි වරප්‍රසාද ලබාදෙන්නේ මන්දැයි එම විවේචනයන්හිදී ජනතාව ප්‍රශ්න කර ඇත.

ට්විටර් වේදිකාවේ වැඩි වශයෙන් සංසරණය වන මෙම ඡායාරුපය හුවා දක්වමින් බොහෝදෙනා ප්‍රශ්න කර ඇත්තේ, ඇමැති පුත්‍රයා නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ නිල නියෝජිත කණ්ඩායමේ කොටසක් වන්නේ කෙසේදැයි කියාය.

නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති දූත පිරිසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනකු ඇතුළත් කළේ මන්දැයි යන්නද මීට පෙර සමාජ මාධ්‍යය ඔස්සේ සාකච්ඡාවට ලක්කෙරුණු අතර, පසුව පාර්ලිමේන්තුවේදීද ඒ පිළිබඳව ප්‍රශ්න කෙරිණි.

රනිල් එක්ක පොහොට්ටුවේ සෙට් එකකුත් අමෙරිකාවෙ ගිහිං

42.31%
17.27%
32.76%