42.31%
17.27%
32.76%
September 18, 2023

රාජ්‍ය ව්‍යවසාය (SOE) ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී රැකියා අහිමි වන අයට විකල්ප රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා ලෙස පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමට නියමිත බව වාර්තා වේ.

එම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියේදී රාජ්‍ය අංශයේ බොහෝ සේවකයන්ට රැකියා අහිමි වීමට ඉඩ ඇති බවත්, එම නිසා විකල්ප අවස්ථා සළකා බැලිය යුතු බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් සඳහන් කරයි.

මහලේකම්වරයා ඒ පිළිබඳව මෙසේද සඳහන් කර ඇත.

“යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියත් සමඟ රාජ්‍ය ව්‍යවසායන් වල බොහෝ සේවකයන්ට ඔවුන්ගේ රැකියා අහිමිවීමට නියමිතය. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් වයස අවුරුදු 45ත් 50ත් අතර වයස්වල පසුවන අය. මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා.

ඒ ආකාරයෙන් රැකියා අහිමි වන අයට ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායක විකල්ප රැකියා අවස්ථා ලබාදීමේ හැකියාව පවතිනවා. උදාහරණයක් ලෙස, සතොස සේවකයන් 200කට ආසන්න පිරිසකට එය ප්‍රතිව්‍යුහගත කිරීමේදී රැකියා අහිමි වීමට නියමිතයි. නමුත් ලංකා සතොස ලිමිටඩ් ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඔවුන් තවත් සේවකයන් බඳවා ගන්නවා. එහෙම වුණොත් සතොස ප්‍රතිව්‍යුහගත කිරීම නිසා රැකියා අහිමි වන අය ලංකා සතොසට අනුයුක්ත කරන්න පුළුවන්. තවත් ආයතන කිහිපයක් සම්බන්ධයෙන්ද මෙය අනුගමනය කළ හැකියි.”

රනිල් වික්‍රමසිංහ 2022 ජූලි මාසයේදී ජනාධිපති ලෙස පත් වූ විට සඳහන් කර ඇත්තේ, පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට හැකි වන පරිදි රාජ්‍ය ආයතනවල වර්ධනය වේගවත් කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක් රජය විසින් ආරම්භ කරන බවයි.

වසර ගණනාවක් ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි බරක් වූ බව කියන පාඩු ලබන රාජ්‍ය ආයතන අංශය, ප්‍රමුඛතා පදනම මත එවැනි ප්‍රතිසංස්කරණ සඳහා හඳුනාගෙන ඇත.

සීමාසහිත ශ්‍රීලංකන් එයාර්ලයින්ස්, ශ්‍රීලංකන් කේටරින් ලිමිටඩ්, ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ්, කැන්විල් හෝල්ඩිංග්ස් ප්‍රයිවට් ලිමිටඩ් (ග්‍රෑන්ඩ් හයට් කොළඹ), හෝටල් ඩිවලොපර්ස් ලංකා ලිමිටඩ් (හිල්ටන් හෝටලය කොළඹ), ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් Litro Gas Terminals (Pvt) Ltd සහ Lanka Hospital Corporation PLC ඇතුළුව ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට නියමිත එවැනි ආයතන අතර වේ.

42.31%
17.27%
32.76%