September 15, 2023

ඉන්දියාවේ මාර්ගවල ආරක්ෂිත පරිසරයක් ලබාදීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කිරීම අරමුණු කරගත් ප්‍රවීනයන්ගේ ක්‍රිකට් තරගාවලිය (No Honking Twenty20 Series) හෙට ආරම්භ වන බව නිවේදනය කර ඇත.

2023 සැප්තැම්බර් 16 සිට 18 දක්වා මුම්බායි හි නේතාජි සුභාෂ් චන්ද්‍රබෝස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගාවලියට ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය නියෝජනය කරමින් කණ්ඩායම් ඇතුළත් වේ.

මෙම තරඟාවලිය, මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, තොරතුරු සහ තාක්ෂණ සහ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ඉන්දියානු රජයේ අනුග්‍රහය සහිතව පවත්වන ජනප්‍රිය මාර්ග ආරක්ෂණ ලෝක වැඩසටහනේ දිගුවකි.

ක්‍රිකට් ක්‍රීඩාව ඉන්දියාව තුළ ආගමක් වීමත් සමඟ, මෙම තරගාවලිය මිනිසුන්ගේ මාර්ගවල හැසිරීම කෙරෙහි බලපෑම් කිරීමට සහ වෙනස් කිරීමට කදිම වේදිකාවක් ලෙස ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම 2023 සැප්තැම්බර් 15 වැනි දින බංග්ලාදේශ ලෙජන්ඩ්ස් සමඟ පැවැත්වෙන තරඟාවලියේ පළමු තරගය ක්‍රීඩාකරනු ඇත.

සියලුම තරඟ පස්වරු 07:30 සිට Eurosport India නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

ඉන්දියා ලෙජන්ඩ්ස්, බංගලාදේශ ලෙජන්ඩ්ස් සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් යන කණ්ඩායම් තුන, එක් කණ්ඩායමක් තම ප්‍රතිවාදියා සමඟ එක් වරක් බැගින් තරග කිරීමට නියමිතය.

මෙම ලීගයට ඉන්දියාව නියෝජනය කරමින් ගෞතම් ගාම්භීර්, අම්බටි රයිදු, ආර්.පී සිං සහ මුනාෆ් පටෙල්, නාමන් ඕජා, ස්ටුවර්ට් බිනී, අශෝක් ඩින්ඩා, විනේ කුමාර්, මන්ප්‍රීට් ගෝනි, අභිමන්යු මිතුන් ඇතුළු ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමට නියමිතය.

තරගාවලියේදී සනත් ජයසූරිය, චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ සහ උපුල් තරංග ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් වෙනුවෙන් ක්‍රීඩා කරන අතර අබ්දුර් රසාක්, හබිබුල් බෂාර් සහ මොහොමඩ් රෆීක් බංග්ලාදේශ ලෙජන්ඩ්ස් වෙනුවෙන් පිටියට පිවිසෙති.

කාලසටහන :

තරගය 1: සැප්තැම්බර් 16 – බංග්ලාදේශ ලෙජන්ඩ්ස් එදිරිව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්

තරගය 2: සැප්තැම්බර් 17 – ඉන්දියා ලෙජන්ඩ්ස් එදිරිව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්

තරගය 3: සැප්තැම්බර් 18 – ඉන්දියා ලෙජන්ඩ්ස් එදිරිව බංග්ලාදේශ ලෙජන්ඩ්ස්