Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ඇතුළුව, දිවයින පුරා ඇති මාර්ගගත (online) රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 10හි සහ මාර්ග අපගත (offline) මධ්‍යස්ථාන 15ට අදාළ සියලුම රාජකාරීන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි නැවත ඔවුන් වෙත භාරදීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කර ඇත.
රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු සහ ඊට අදාළ මිලදීගැනීම් සම්බන්ධයෙන් 2020 ජූලි මස 09 දිනැති කැබිනට් තිරණයට අනුව (අමප/20/0691/225/024) 2021.01.01 දින යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ විසදුම් මධ්‍යස්ථානය යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත මෙම කටයුතු භාරදී තිබිණි.
2021.01.01 දින මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් භාරගැනීමෙන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් රියදුරු බලපත් 1,022,763ක් සහ තාවකාලික රියදුරු බලපත්‍ර 1,411,704 ක් සමඟ රියදුරු බලපත්‍ර 2,434,467 ක් මුද්‍රණය කර ඇත.
ඒ අනුව 2021.01.01 දිනට පෙර වියදම් කරන ලද මුදලට සාපේක්ෂව ශ්‍රී ලංකා රජය වෙත රුපියල් 810,799,495.90ක මුදලක් ඉතිරි කර දී ඇති බව යුද හමුදාව පවසයි..
මෙම කාලය තුළ වේරහැර සහ නාරාහේන්පිට දත්ත මධ්‍යස්ථානයන්හි, පාරිසරික දත්ත අධීක්ෂණය සහ (Environmental Monitoring System) කිරිම සඳහා පද්ධතියක් ස්ථාපනය කිරීම, රියදුරු බලපත් අයදුම්කරුවන් වෙත මුද්‍රිත රියදුරු බලපත්‍රය කඩිනමින් ලබාදීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධතාවයෙන් “Speed Post” පහසුකම ලබාදීමට කටයුතු කිරීම, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ඩයලොග් ආයතන සම්බන්ධ කර ගනිමින් හදිසි ආපදා තත්වයකදී රියදුරු බලපත්‍ර පද්ධතිය යථා තත්වයට පත්කළ හැකි පරිදි දත්ත ආපදා ප්‍රතිසාධන මධ්‍යස්ථානයක් (Disaster_Recovery Site) එම ස්ථානයන්හි පිහිටුවීම සඳහා අවැසි සැලැස්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ලබාදීම, අවම වියදමකින් රියදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා අවැසි නව මෘදුකාංග පද්ධතියක සැලැස්මක් සකස්කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම, වේරහැර කාර්යාලයට අමතරව අනෙකුත් මාර්ගගත කාර්යාල 10 හි මාර්ගගත ක්‍රමවේදයට විභාග පැවැත්වීම සඳහා පූර්ණ සැලැස්මක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම, දැනට මෙම ආයතනය සතුව රියදුරු බලපත්‍ර විස්තර සහිත දත්ත මිලියන 09 කට වැඩි ප්‍රමාණයක් ගබඩාකර නිවැරදිව නඩත්තු කර ජාතික ආරක්ෂාවට දායකත්වයක් ලබාදීම, රියදුරු බලපත්‍රය මුද්‍රණය වීමෙන් අනතුරුව අදාළ අයදුම්කරුවන් හට ස්වයංක්‍රීයව කෙටි පණිවිඩයක් මඟින් ඒ බව දැන ගැනීමට හැකිවන පරිදි තාක්ෂණික සේවාව දියුණු කිරීම ආදිය තුළින් මහජනතාවට වඩාත් ඵලදායී සේවාවක් ලබාදීමටත්, මෙම ව්‍යාපෘතිය කාර්යක්ෂමව පවත්වාගෙන යෑම සහ මෙම ව්‍යාපෘතියේ අනාගත අභිවෘධිය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දී ඇති බවද යුද්ධ හමුදාව සඳහන් කරයි.
එසේම යුද්ධ හමුදා පිළිවෙතට අනුව මනා විනිවිදභාවයකින් යුතුව ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීම තුලින් වැඩි මූල්‍යමය වාසියක් රජයට අත්කර දීමට කටයුතු කිරීම සුවිශේෂී කාණාවක් බවත් යුද්ධ හමුදාව පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart