September 15, 2023

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මුල්‍යකරණය පිළිබඳ 2021/22 ජාතික අවදානම් තක්සේරුව පිළිබඳ නව වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ප්‍රකාශයට පත්කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් සමඟ එක්ව සිදුකරන ලද තක්සේරුව මත පදනම්ව මෙම වාර්තාව සංවර්ධනය කර තිබේ.

මෙම තක්සේරුව රටේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයේ අවදානම් හදුනාගැනීම අරමුණු කරගෙන ඇති බව මහ බැංකු පවසයි.

මෙම තක්සේරුව ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රබලම තර්ජන අවදානම් ඉස්මතු කර ඇත.

මෙම වාර්තාවට අනුව රටේ මූල්‍ය පද්ධතියට වැඩිම අවදානමක් ඇත්තේ, නීතිවිරෝධීව මෙරටට මුදල් ප්‍රේෂණය කරන හවාලා සහ උන්ඩියල් යන ක්‍රමවලිනි.

ජාතික අවදානම් තක්සේරුව ප්‍රකාශ කර ඇතතේ, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, අල්ලස් සහ දූෂණ, වංචා, මංකොල්ලකෑම්,පාරිසරික සහ ස්වභාවික සම්පත් අපරාධ, වෙළදාම පදනම් කරගත් මුදල් විශුද්ධිකරණය ඇතුළු රේගු ආශ්‍රිත වඩාත් ප්‍රචලිත වැරදි මධ්‍යම ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි.

මිනිස් ජාවාරම්, බදු වැරදි , තහනම් ප්‍රදේශවල මසුන් ඇල්ලීම්, ව්‍යාජ මුදල් නෝට්ටු භාවිතය වැනි නීති විරෝධී ක්‍රියාකාරකම් මධ්‍යම ප්‍රමාණයකින් අඩු වී ඇති බව ද එහි සදහන් වේ.

ජාතික අවදානම් තක්සේරුව නම් කරන ලද මූල්‍ය සහ මූල්‍ය නොවන ව්‍යාපාරවල හා වෘත්තීය අංශවල අවදානම මෙහි දී හදුනාගත හැක.