42.31%
17.27%
32.76%
September 15, 2023

සමනලවැව ජලාශයේ ජල කාන්දු වැසීමට සඳහා රුපියල් කෝටි 10 ක පමණ මුදලක් වියදමක් ඇස්තමේන්තු කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මේ වන විටත් එම වැය වාර්තාව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට යොමුකර ඇති බව පැවැසේ.

නියඟහ හේතුවෙන් ජලාශය නීරීක්ෂණයේදී ජල කාන්දුවන ස්ථානයන් සොයාගෙන ඇති අතර, ‍එලෙස කාන්දුවන ජලයෙන් සියයට 70ක පමණ ප්‍රමාණයක් එක් උමගක් ඔස්සේ අපතේ යන බවත් විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත.

තවද ජල කාන්දුවීම් හේතුවෙන් වසරකට රුපියල් කෝටි 200 කට පමණ පාඩුවක් වන අතර, එම කාන්දුවීම 07කින් පමණක් වසරකට ජලය ඝණමීටර් මිලියන 20 ක් අපතේ යන බවත් ඉංජිනේරු වාර්තාවල සඳහන් වේ .

අපතේ යන ජලය ඝණමීටර මිලියන 20ක් ඉතිරිකර ගැනීම සහ එම ජලය විදුලිය නිෂ්පාදනයට යොදා ගැනීමෙන්, විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 200 ක පමණ මුදලක් වසරකට ඉතිරි කරගත හැකිබව ද ලංවිම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%