42.31%
17.27%
32.76%
September 14, 2023

අමෙරිකානු අන්තර්ජාතික සංවර්ධන ඒජන්සිය, ඉන්දියානු ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් ආයතනය, ශ්‍රී ලංකාවේ ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් ආයතනය, ශ්‍රී ලංකාවේ බලශක්ති වැඩසටහනේ නියෝජිතයන් සහ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාංශයේ නියෝජිතයන් සමඟ දැනට ක්‍රියාත්මකවන විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත.

විදුලිබල පනත සංශෝධනය කර විදුලිබල මණ්ඩල සතු භෞතික මෙන්ම මානව සම්පත් නිසිපරිදි ස්ථානගත කිරීම, මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ තීරණාත්මක කටයුත්ත වේ.

මෙම කටයුත්ත සාර්ථක කරගැනිම සදහා අමෙරිකානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය විසින් විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරිමේ කාර්‍යාලය සමඟ එක්ව කටයුතු කිරීමට ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් ආයතනයේ මෙරට සහ ඉන්දියානු නියෝජිතයන් වෙත එම ක්‍රියාවලිය සකස් කිරීමේ වගකීම ලබා දී ඇත.

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරිම් වෙනුවෙන් සහය ලබාදෙන පාර්ශවකරුවන් වන ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය මෙන්ම අමෙරිකානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන අතර ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ඉටු කල යුතු කාර්යයන් සම්බන්ධීකරණය කරමින් සිදු කරනු ලැබේ.

42.31%
17.27%
32.76%