September 13, 2023

පාකිස්ථාන හිටපු සුපිරි පන්දු යැවීමේ ක්‍රීඩක වකාර් යුනිස් ශ්‍රී ලංකා කණ්ඩායමේ නවතම විශිෂ්ඨ සොයාගැනීමක් වන දුනිත් වෙල්ලාලගේ ගේ දක්ෂතා ඇගයීමට ලක්කර තිබේ.

දුනිත් මෙන්මශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය හිමි තවත් දක්ෂ ක්‍රීඩකයකු වන ශරුජුන් ෂන්මුගනාදන් පිළිබඳවද වකාර් යුනිස් ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කර ඇත.

“ශ්‍රී ලංකාවට කිසිදා දක්ෂතාවයෙන් අඩුවක් තිබුණේ නැහැ. මීට වසර කිහිපයකට පෙර මේ කුඩා ශාරුජන්ව මට මුණගැසුණා.” යැයි පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා වැඩිදුරටත් පවසයි.

17 හැවිරිදි ෂන්මුගනාදන් මේ වන විට බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව දඹුල්ලේදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ තරගාවලියේ දස්කම් දක්වයි.