42.31%
17.27%
32.76%
September 13, 2023

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (13) පෙරවරුවේ කියුබාව සහ ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියේ, හවානාහි පැවැත්වෙන G 77 කණ්ඩායමේ සමුළුවට සහ නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගී වීමටය.

“සංවර්ධනයේ වත්මන් අභියෝග: විද්‍යාවේ, තාක්‍ෂණයේ සහ නවෝත්පාදනයේ කාර්යභාරය” සැප්තැම්බර් 15 සහ 16 යන දිනවල කියුබාවේ පැවැත්වීමට නියමිත ඉසව්වේ කේන්ද්‍රීය තේමාවයි.

‘G 77 ප්ලස්’ සමුලුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට නිල ආරාධනයක් ලැබුණේ වත්මන් සමුළුවේ සභාපති කියුබානු ජනාධිපති Miguel Díaz-Canel වෙතිනි.

‘G77 ප්ලස්’ නොබැඳි ව්‍යාපාරය තුළ 1964 දී ආරම්භ කරන ලද අතර, එය එහි සාමාජික රටවල සාමූහික ආර්ථික අවශ්‍යතා ප්‍රවර්ධනය කරන සහ එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ සාකච්ඡා බලය වැඩි දියුණු කරන රටවල් 134 ක සන්ධානයකි.

“විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාවය පුනර්ජීවනය කිරීම: 2030 න්‍යාය පත්‍රය සහ එහි තිරසාර සංවර්ධන ඉලක්ක මත සාමය, සෞභාග්‍යය සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම” නිව්යෝර්ක්හි පැවැත්වෙන මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයේ තේමාවයි.

එහි පළමු දිනය 2023 සැප්තැම්බර් 19 වේ.

42.31%
17.27%
32.76%