Skip links

‘හනුමාන් ඔලෙවියා’ ලංකාවට ආවේණික බව හෙළිවේ

ලොව පුරා සොයාගන්නා නව ජීවී විශේෂ අතරට ලංකාවෙන් හමු වූ “හනුමාන් ඔලෙවියා”පක්ෂින් (“හනුමාන් ප්ලොවර්”) මෙරට සහ මන්නාරම් බොක්ක ආශ්‍රිතව කාලාපයට ආවේණික විශේෂයක් බවට බ්‍රිතන්‍ය පක්ෂි විද්‍යා සංසදය මගින් තහවුරු කර තිබේ.

මෙම පක්ෂි විශේෂය මින් ඉදිරියට Charadrius seebohmi යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වීමට පුළුවන.

කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව හා පරිසර අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සම්පත් සෙනෙවිරත්න‍, පර්‌යේෂණ ශිෂ්‍යයකු වන ජූඩ් ජනිත නිරෝෂන් සහ චීනයේ සන් යාට්-සෙන් විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යා අංශයේ ආචාර්ය Yang Liu ගෙන් සමන්විත පර්‌යේෂණ කණ්ඩායම විසින් මෙම පක්ෂි විශේෂය සොයාගෙන තිබුණේ 2021 වසරේදීය.

මින් පෙර මෙරටට ආවේණික පක්ෂි විශේෂ ලෙස අන්තර්ජාතික පිළිගැනීම ලැබී තිබු‍ණේ පඩුවන් බස්සාටත්. පිටරතු කෑරල යන පක්ෂි වර්ග දෙක පමණි. ඉන්පසු අන්තර්ජාතික පිළිගැනීමක් ලැබුණේ “හනුමාන් ඔලෙවියා” යන පක්ෂි විශේෂයට බව ආචාර්ය සම්පත් සෙනෙවිරත්න‍ කීවේය.

යුරෝපය, අප්‍රිකාව සහ ආසියානු කලාප නිජ බිම් වූ මෙම පක්ෂීන් ( Kentish Plover ) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි .එහෙත් “හනුමාන් ඔලෙවියා” මෙම අවේණික පක්ෂි විශේෂයෙන් වෙන් වූ නව විශේෂයක් බව මෙම පර්‌යේෂණයේදී සොයා ගෙන තිබීම වැදගත් කාරණාවකි.

ඒ බව තහවුරු කරගැනීම සඳහා මෙම පිරිස පක්ෂියාගේ ජාන විශ්ලේෂණ දහඅටක්, රූපමිතික විශ්ලේෂණයක් මිනුම් හතළිහකට ආසන්න ප්‍රමාණයක්, නාද රටාව වාගේම පිහාටු හැලී යාම පිළිබඳව පරික්ෂණ කිහිපයක් පත්වන ලදී. එය මෙරට පක්ෂියකු සඳහා කළ වැඩිම ජාන පරීක්ෂාව බවද ආචාර්ය සම්පත් සෙනෙවිරත්න‍ කීවේ ය.

ඒ සඳහා ශ්‍රී ලංකා ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා කණ්ඩායමේ ( FOGSL) මෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහයද ලැබී තිබිණි.

පර්‌යේෂක කණ්ඩායමට අනුව, මෙම පක්ෂියා මන්නාරම සිට රාමේෂ්වරම් (රාමාගේ පාලම) දක්වා පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටා ඇති ශුෂ්ක දූපත්වල මෙන්ම ඉන්දියාවේ ගිනිකොනදිග වෙරළ තීරය, පුත්තලම්, යාපනය සහ හම්බන්තොට ආදී වියළි පහත් බිම් ආශ්‍රිතව දැක ගත හැකිය.

මෙම පක්ෂියාට “හනුමාන් ඔලෙවියා” යන යෙදීම සම්බන්ධයෙන් ආචාර්ය සම්පත් සෙනෙවිරත්න‍ කීවේ මෙම පක්ෂියා සොයාගත් ප්‍රදේශයේ සංස්කෘතික සහ ඓතිහාසික වැදගත්කම සලසා මෙම නම යෙදූ බවයි.

හින්දු පුරා කතාවක් වන රාමායණය අනුව ශ්‍රී ලංකාවේ රාවණා රජු රාම කුමරුගේ බිසව වූ සීතා දේවිය පැහැරගෙන ලංකාවට පැමිණියේය. ඇය ගලවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට යෑමට රාම කුමරු ඔහුගේ වානර සේනාව ලවා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පාලමක් (ආදම්ගේ පාලම) ඉදි කළ බව එහි සඳහන් ය. එම නිසා දෙරට අතර පවතින මිත්‍යා කථාවලට ගෞරවයක් වශයෙන් මෙම නම යොදා තිබිණි.

(අරුණ)

This website uses cookies to improve your web experience.