42.31%
17.27%
32.76%
September 12, 2023

ඇතැම් කැබිනට් ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් සිය යුතුකම් සහ වගකීම් ඉටුකිරීමට බාධා එල්ල වී ඇති බවට ඇතැම් රාජ්‍ය ඇමැතිවරුන් පැවසීමත් සමඟ, ඉදිරි දිනවලදී රාජ්‍ය ඇමැතිවරුන් සඳහා නිශ්චිත විෂයන් ගැසට් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සූදානම් වන බව වාර්තා වේ.

කැබිනට් ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් ඇතුළු රාජ්‍ය ඇමැතිවරුන් කිහිපදෙනෙක්ට සිය යුතුකම් සහ වගකීම් ඉටුකිරීමට බාධා එල්ල වී ඇති බව පවසමින්, වරාය සහ ගුවන් සේවා රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර සඳහන් කර ඇත්තේ, ඔවුන් (රාජ්‍ය ඇමැතිවරුන්) ඒ පිළිබඳව කඩිනමින් ජනාධිපතිවරයාට දැනුම් දෙන බවයි.

මේ පසුබිම මත සියලුම රාජ්‍ය ඇමැතිවරුන් අගමැති දිනේෂ් ගුණවර්ධන හමුවීමට ගොස් ඔවුන් කැබිනට් ඇමැතිවරුන් විසින් මුළුමනින්ම නොසළකා හැර ඇති බවත්, කිසිදු ආයතනයක් හෝ වගකීමක් පවරා නොමැති බැවින් වත්මන් තත්ත්වය තුළ වැඩ කිරීමට කැමති නැති බවත් දන්වා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

“හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් පත්කිරීමේදී රාජ්‍ය ඇමැතිවරුන්ට නිශ්චිත වගකීම් පවරා ඊට අදාළ ගැසට් නිවේදන ප්‍රකාශයට පත් කළා. ඔවුන්ට සෘජු රාජකාරි කිහිපයක් තිබුණා. නමුත් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කළේ කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් පත්කර ඔවුන් යටතේ සිටින රාජ්‍ය ඇමැතිවරුන්ට වඩා හොඳ යැයි හැඟෙන දේ ගැසට් කරන ලෙස කැබිනට් ඇමැතිවරුන්ට උපදෙස් දීමයි. නමුත් එය කර තිබෙන්නේ නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග සහ වැවිලි කර්මාන්ත හා කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ පමණයි.” යැයි ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කරයි.

රාජ්‍ය ඇමැතිවරුන් විසින් කරන ලද පැහැදිලි කිරීම් සැළකිල්ලට ගනිමින්, ආරංචි මාර්ග සඳහන් කළේ, සැප්තැම්බර් 04 වැනිදා ජනාධිපතිවරයා හමුවීමට ඔවුන්ව අගමැතිවරයා රැගෙන ගිය බවත්, එහිදී ඔවුන් ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවත්ය.

මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ඉඟියක් ලබාදී ඇත්තේ, රාජ්‍ය ඇමැතිවරුන්ට නිශ්චිත විෂයයන් ලබා දෙන බවට සහ ඒවා ගැසට් කරන බවටය.

මීට පෙර ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ, තමන් වරාය හා ගුවන් සේවා රාජ්‍ය ඇමැතිවරයා ලෙස වැඩ භාරගෙන මාස කිහිපයක් ගතවී ඇතත් සැළකිව යුතු කාර්යයක් හෝ වගකීමක් ඉටු කිරීමට තමන්ට අවස්ථාවක් නොලැබුණු බවයි.

මෙම තත්ත්වයට හේතුව කැබිනට් අමාත්‍යාංශය යටතේ පවතින අදාළ ආයතනවල නිලධාරීන් සෑම විටම කටයුතු කරන්නේ අදාළ කැබිනට් ඇමැතිවරයාගේ උපදෙස් මත පමණක් වීම බව ඔහු පවසයි.

42.31%
17.27%
32.76%