42.31%
17.27%
32.76%
September 12, 2023

දුම්රිය වර්ජනය හමුවේ පැවති අධික තදබදය ⁣හේතුවෙන් මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක වහලය මත නැගී පැමිණි මගියෙකු හොරපේ ප්‍රදේශයේ දී ඉන් ඇද වැටී මියගොස් ඇත.

මහනුවර සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියට මෙම පුද්ගලයා රාගමින් ගොඩවී ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.

දුම්රිය රියැදුරන් පිරිසක් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මගීහු දැඩි අසීරුතාවට පත්ව සිටිති.

වර්ජනය නිසා දැනට දුම්රිය ගමන්වාර 40 කට වඩා අවලංගු කර තිබේ.

42.31%
17.27%
32.76%