September 10, 2023

ආසියානු කුසලාන තරගාවලියේ වැඩි ප්‍රෙක්ෂක පිරිසක් නරඹන්නන් බවට පත්කෙ⁣රෙන සුපිරි 04 වටයේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය අද පැවැත්වේ.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී තරගය පස්වරු 03ට ආරම්භ වීම⁣ට නියමිතය.

මෙම තරගය⁣ට යම් බාධාවක් වර්ෂාවෙන් ඇතිවුවහොත් ඊ⁣ට අතිරේක දිනයක්ද ප්‍රකාශ කර ඇත.

අද තරගය සදහා ඉන්දීය කණ්ඩායමට කේ.එල්.රාහුල් සහ ජස්ප්‍රිට් බුම්රා එකවනු ඇත.

කණ්ඩායම් දෙක මෙසේය:

පාකිස්ථාන කණ්ඩායම : බාබර් අසාම් (නායක), ෂඩාබ් ඛාන්, ෆක්හාර් සමාන්, ඉමාම් උල් හක්, සල්මාන් අලි, ඉෆ්තිකාර් අහ්මඩ්, මොහොමඩ් රිස්වාන්, ෆහීම් අෂ්රෆ්, නසීම් ෂා, ෂහීන් අෆ්රීඩි සහ හාරිස් රාවුෆ්

ඉන්දීය කණ්ඩායම : ශුබ්මන් ගිල්, රෝහිත් ශර්මා (නායක), විරාට් කෝලි, ඉෂන් කිෂන්, KL රාහුල්, හර්ඩික් පාන්ඩ්යා,රවින්ද්‍ර ජඩේජා, ශර්දුල් ටාකුර්, කුල්දීප් යාදව්, ජස්ප්‍රිට් බුම්රා සහ මොහොමඩ් සිරාජ්