43.4%
15.4%
30.9%
September 7, 2023

සංචාරක ක්ෂේත්‍රයට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකාව 2022 වසරේ ආරම්භ කළ රෙගුලාසි යටතේ මධ්‍යසාර බලපත්‍ර 538ක් නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය අනාවරණය කළේය.

“සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා සංචාරක කර්මාන්තයේ ඉල්ලීමක් මත 2022 දී ගැසට් නිවේදනයක් යටතේ රජය මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කළා” යැයි රාජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ඒ අනුව මත්පැන් බලපත්‍ර 538ක් ලබාදුන් බවත්, ඕනෑම සංචාරක මණ්ඩලයේ බලපත්‍රයක් ඇති ඕනෑම අයකුට සිය අවන්හල් වෙනුවෙන් ඊට අයැදුම් කිරීමේ අවස්ථාව ලබාදුන් බවත් හෙතෙම සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව, 2004 වසරේ සිට ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල මත්පැන් අලෙවියට සාපේක්ෂව, නීති විරෝධී මත්පැන් අලෙවිය සියයට 500කින් ඉහළ ගොස් ඇති බවද ඔහු අනාවරණය කළේය.

“රජය කිසිම අවස්ථාවක මත්පැන් භාවිතය ප්‍රවර්ධනය කරන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි අපි බෝතලයක මිලෙන් සියයට 75කට ආසන්න ප්‍රමාණයක් බදු අය කරනවා.” යැයි රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

43.4%
15.4%
30.9%