43.4%
15.4%
30.9%
September 7, 2023

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න විසින් රචිත “තාරා ගේ ආගමනය” හා “කඩොල් ඇත්තු” (පරිවර්තන) නව කතා ද්විත්වය සහ “ඇහේ කඳුළැලි” ගීතය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්විණි.

එහිදී නවකතා ද්විත්වයේ මුල් පිටපත් ජනාධිපතිවරයාට පිළිගැන්වූ අතර, එයට සහභාගීවී සිටි අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු කථානායක කරූ ජයසූරිය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක අය සඳහා ද මුල් පිටපත් පිළිගැන්වීණි.

ඔහු විසින් රචිත “ඇහේ කඳුළැලි” ගීතය උත්සව අවස්ථාවේ ප්‍රවීණ ගායිකා අභිෂේකා විමලවීර ගායනා කළ අතර, එම අවස්ථාවේදී ආනන්ද විද්‍යාලයේ පුස්තකාලය සඳහා ග්‍රන්ථ කට්ටලය විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක වෙත භාරදීමද සිදුවිය.

එම අවස්ථාව සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු ආගමික නායකයන් ද, ඇමැතිවරුන් වන අලි සබ්‍රි, ටිරාන් අලස්, සුසිල් ප්‍රේම්ජයන්ත් යන අය සහ රාජ්‍ය ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන, තානාපතිවරුන, විද්වතුන්, කලාකරුවෝ ඇතුළු ආරාධිත පිරිසක් සහභාගි වී සිටියහ.

43.4%
15.4%
30.9%